2020 වසරේ ඉහළම youtube ආදායම් ලාභියා බවට කුඩා දරුවෙක් පත්වේ (PHOTOS)

baby youtube highest
By Kanagasooriyam Dec 25, 2020 11:33 AM GMT
Kanagasooriyam

Kanagasooriyam

Report

මේ වසරේ වැඩිම ආදායමක් උපයන යූ ටියුබර් ලෙස නව හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු ෆෝබ්ස් සඟරාව නම් කර ඇත.

රයන් කාජි(Ryan Kaji)නමැති එම දරුවා සෙල්ලම් බඩු සමාලෝචනය කරන Ryan’s World (රයන්ස් වර්ල්ඩ්) යූටියුබ් චැනලයේ හිමිකරු වේ.

රයන් කාජිගේ සැබෑ නම රයන් ගුවාන් වන අතර ඔහු විසින් යූ ටියුබ් වීඩියෝ සෑදීමත් ඔහුගේ නාලිකාවකට එම වීඩියෝ දැමීමත් ආරම්භ කළේ 2015 දී ය.එවිට ඔහුගේ වයස අවුරුදු 4ක් වේ.

2015 වසරේ දී ඔහුගේ නාලිකාව Rayan’s Toy Review (රයන් ටොයිස් රිවීව්) ලෙස නම් කර තිබූ අතර ඔහු එහිදී සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරන ආකාරය සහ එම සෙල්ලම් බඩු විවෘත කරන වීඩියෝ ඇතුළත් කර තිබුණි.

ඔහු ඉහළම යූටියුබ් ආදායම් ලබන්නා ලෙස පත් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර ඔහු 2018 වසරේදී සහ 2019 වසරේදීත් ඉහළම යූ ටියුබර් ආදායම ලබන්නා ලෙස පත් වී ඇත.

රයන්ගේ Youtube නාලිකාවේ අද වන විට මිලියන 27.7 ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් සිටියි.

රයන්ගේ මෙම වසරේ ආදායම ඩොලර් මිලියන 29.5ක් බව සඳහන් වේ


GalleryGallery