ඉතිහාසයේ පළමු වරට ජංගම ගිණුම ඉහළම අතිරික්තයට

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන පරිදි, ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ ජංගම ගිණුමේ (Current Account) ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේදී වාර්තා වී ඇත.

මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව මහාචාර්යවරයා සඳහන් කරයි. නිදහසින් පසුව දීර්ඝ කාලයක් ජංගම ගිණුමේ හිඟයක් පැවති අතර, 1977 වසරෙන් පසුව 2023 දක්වා අඛණ්ඩව එම හිඟය පවතිමින් වර්ධනය විය. එහෙත් 2023 සිට මෙම තත්ත්වය වෙනස් වී ඇති අතර, 2023, 2024 සහ 2025 යන වසර තුනේම අතිරික්තයන් වාර්තා වී තිබේ.

1950 සිට 2023 දක්වා වසර 73ක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය වාර්තා වූයේ 1950, 1951, 1954, 1955, 1956, 1965 සහ 1977 යන වසර හතේදී පමණි. එම අතිරික්තයන් සුළු මට්ටමේ වූ අතර, 1977න් පසුව දීර්ඝ හිඟයක් පැවතිණි. උදාහරණයක් ලෙස 2008දී ඩොලර් බිලියන 3.8ක හිඟයක්, 2011දී බිලියන 4.6ක හිඟයක් සහ 2021දී බිලියන 3.2ක හිඟයක් වාර්තා විය.

කැනඩාවට යන්නද ඉන්නේ? වීසා ගැන අනතුරු ඇඟවීමක්

කැනඩාවට යන්නද ඉන්නේ? වීසා ගැන අනතුරු ඇඟවීමක්

  

මෙම පසුගාමී තත්ත්වය වෙනස් කරමින් 2023දී ඩොලර් මිලියන 1,439ක අතිරික්තයක්, 2024දී මිලියන 125ක අතිරික්තයක් සහ 2025දී ඩොලර් මිලියන 1,733ක (ආසන්න වශයෙන් බිලියන 1.7ක්) ඉහළම අතිරික්තයක් වාර්තා වී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. මෙය නිදහසින් පසු ඉහළම මට්ටම වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුවත් 2025 සඳහා ඩොලර් බිලියන 1.7ක අතිරික්තයක් (provisional) ලෙස තහවුරු වී තිබේ.

මෙම සාධනීය තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ භාණ්ඩ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයයි. 2025දී භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 13.5කට වැඩි ආදායමක් ලැබී ඇති අතර, එය 2022දී වාර්තා වූ මීට පෙර ඉහළම මට්ටම වූ බිලියන 13.1 ඉක්මවා ගොස් ඇත. (සමහර වාර්තා අනුව භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 13.58ක් දක්වා ඉහළ ගොස් ඇත.)

සජිත් බෑ කියුවොත් නාමල්ට සෙට් වෙමු - එජාපයෙන් දේශපාලන පෙරළියක්

සජිත් බෑ කියුවොත් නාමල්ට සෙට් වෙමු - එජාපයෙන් දේශපාලන පෙරළියක්

ආර්ථිකමය වශයෙන් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර, එය විදේශ ණය ගැනීමේ අවශ්‍යතාව අඩු කරයි. මීට පෙර හිඟය පියවීම සඳහා ඉහළ පොලියට ණය ගැනීම සිදු වූ අතර, එය ණය බර වැඩි කර ආර්ථික අර්බුදයකට හේතු විය. අතිරික්තයක් පවතින විට රටට වාසිදායක තත්ත්වයක් ඇති වන අතර, පැරණි ණය ගෙවීමේ හැකියාව වැඩි වේ. විදේශ සංචිත ඉහළ යාම, රුපියලේ අගය ස්ථාවර කිරීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් මුදල් තබා ගැනීම යනු මෙහි විශේෂ ජයග්‍රහණයකි.

ඉදිරි වසර කිහිපය තුළ මෙම අතිරික්තය තවදුරටත් වර්ධනය කිරීම අවශ්‍ය බවත්, රජයේ ඉලක්කය වන්නේ ඊළඟ වසර 4-5 තුළ එය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම බවත් මහාචාර්යවරයා සඳහන් කරයි. ඒ සඳහා අපනයන වර්ධනය, සංචාරක ආදායම් වැඩි කිරීම සහ විදේශ ප්‍රේෂණ තවදුරටත් දිරිමත් කිරීම අත්‍යවශ්‍යය.

මෙවැනි ශක්තිමත් ආර්ථික පරිසරයක් ගොඩනැගීම තුළින් ශ්‍රී ලංකාවට ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරගකාරීව ඉදිරියට යාමේ හැකියාව උදා වන බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහ බැංකුවේ දත්ත අනුව 2025දී සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 8කට වැඩි මට්ටමකට පැමිණ ඇති අතර, සංචාරක ආදායම්ද ඉහළ ගොස් ඇත.

ඉන්දියානු මස් වර්ගවලට හදිසි තහනමක් - හේතුව මෙන්න

ඉන්දියානු මස් වර්ගවලට හදිසි තහනමක් - හේතුව මෙන්න