සජිත් බෑ කියුවොත් නාමල්ට සෙට් වෙමු - එජාපයෙන් දේශපාලන පෙරළියක්
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින එක්සත් වීමේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩායම සමඟ සන්ධානගත වීමේ විශේෂ යෝජනාවක් එජාපය තුළින්ම මතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග හරහා වාර්තා වෙමින් පවතිනවා.
පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ, සජබය සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් මෙවැනි විකල්ප දේශපාලන මාවතකට අවතීර්ණ වීම නොවැළැක්විය හැකි බවයි. නාමල් රාජපක්ෂ මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පසුගිය දිනවල පැවැත්වූ සාකච්ඡා පිළිබඳවද තොරතුරු මතු වී තිබෙනවා.
එජාපය සහ සජබය ඒකාබද්ධ කිරීමේ ප්රයත්නයන් තවමත් සාර්ථක මට්ටමක නොමැති බව එම පක්ෂවල ක්‍රියාකාරීන්ගේ අදහසයි. පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ අවස්ථාවලදී මෙවැනි යෝජනා ඉදිරිපත් වුවද, සජබ නායකත්වය දැක්වූ උදාසීන පිළිවෙත නිසා ඒවා අසාර්ථක වූ බව සඳහන්. පවතින තත්ත්වය යටතේ එක්සත් නොවන්නේ නම් මැතිවරණ ජයග්‍රහණ අසීරු වනු ඇති බවට සජබ ආසන සංවිධායකවරුන් දැනටමත් නායකත්වයට අනතුරු ඇඟවා තිබෙනවා.
එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සජබය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණද, ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, නිල වශයෙන් පක්ෂයක් ලෙස සාකච්ඡා කරනවා වෙනුවට එජාප මන්ත්‍රීවරුන් සමඟ තනි තනිව ගනුදෙනු කිරීමට සජබ නායකත්වය දරන උත්සාහය සන්ධානයක් ගොඩනැගීමට බාධාවක් බව පාක්ෂිකයෝ පෙන්වා දෙති.
මේ අතර, එජාපය සහ සජබය අතර සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සජබයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දුන් බවත්, සාකච්ඡා සාර්ථක බවත් වාර්තා වෙමින් පවතිනවා. නමුත් නායකත්වය පිළිබඳ තීරණාත්මක කරුණු තවමත් විසඳී නොමැති බවත්, එජාපය තුළ සමහර පාර්ශ්වයන් සජබය සමඟ එකඟ වීමට එරෙහිව ක්‍රියා කරන බවත් දේශපාලන වාර්තා පෙන්වා දෙනවා.