කෙහෙළිය, නිශාන්ත, අමුණුගම සම්බන්දන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් රජයේ තීරණය

Report

හිටපු විපක්ෂ නාය­ක­ව­ර­යකු මෙන්ම දෙමළ ජාතික සන්ධා­නයේ මන්ත්‍රී ආර්. සම්බ­න්දන් හා හිටපු ඇමැ­ති­ව­රුන් වන කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, දිලුම් අමු­ණු­ගම සහ සනත් නිශාන්ත මහ­ත්ව­රුන් භාවිත කරන ලද නිල නිවා­ස­වල මහා­ධි­ක­රණ 4ක් ස්ථාපිත කිරී­මට රජය තීර­ණය කර ඇත.

දූෂණ විරෝධී ජාතික ක්‍රියා­කාරී සැලැස්ම අනුව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යං­ශය වෙත පැවරී ඇති කාර්ය­භා­ර­යන් ක්‍රියා­ත්මක කිරීම සඳහා නව මහා­ධි­ක­රණ කිහි­ප­යක් කඩි­න­මින් ස්ථාපිත කිරීමේ අව­ශ්‍ය­තාව හඳු­නා­ගෙන තිබේ.

ඒ අනුව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යං­ශය යටතේ පාල­නය වන මෙම නිවාස 4 ඒ වෙනු­වෙන් ලබා­දී­මට කට­යුතු කර ඇත.

දිලුම් අමු­ණු­ගම මහතා භාවිත කරන ග්‍රෙගරි පාර, අංක B 88, සනත් නිශාන්ත මහතා භාවිත කරන බෞද්ධාලෝක මාවත, අංක C76, කෙහෙළිය රඹුක්වැල්ල මහතා භාවිත කරන විජේරාම මාවත, අංක B 108 සහ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි අංක B 12 නිවෙස මහාධිකරණ පිහිටු­වීම සඳහා ලබා දීමට නියමිත බව තීරණය වී ඇත.

ඩේසි ආච්චිටයි යෝෂිත පුතාටයි දෙසැම්බරයේ වෙන්න යනදේ සොරි තමයි

ඩේසි ආච්චිටයි යෝෂිත පුතාටයි දෙසැම්බරයේ වෙන්න යනදේ සොරි තමයි

ඒ අනුව, මෙම ගොඩනැඟිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට භාර දීමට සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එන්.එච්. අබයරත්න මහතා ඇමැති මණ්ඩලයට දැනුම් දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) පැවති කැබිනට් මණ්ඩල හමුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිගේ යෝජනාව අනුමැතිය ලබා ඇති බවත් වාර්තා වේ.   

හමුදා පුහුණුවේදී බෝම්බයක් පුපුරා දරුණු අනතුරක්

හමුදා පුහුණුවේදී බෝම්බයක් පුපුරා දරුණු අනතුරක්

මුස්ලිම් හෙදියන්ගේ ඇදුම ගැන ගලගොඩඅත්තේ ඥානසාර හිමි කතා කරයි

මුස්ලිම් හෙදියන්ගේ ඇදුම ගැන ගලගොඩඅත්තේ ඥානසාර හිමි කතා කරයි