නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ ජොන්ස්ටන්ව ඇපමත මුදාහැරීමට නියෝග..

By Piyumika Nov 01, 2024 05:08 AM GMT
Report

 නීතිඥවරුන් මාර්ගයෙන් අද (01) දිනයේ අධිකරණයට භාර වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව රුපියල් 25,000ක මුදල් සහ රුපියල් හා ලක්ෂ 10ක අමතර ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඔහුට එරෙහිව පනවා ඇති BMW රථයක් සොයාගැනීමේ සිද්ධියේ නඩුවට; අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට කොළඹ මහාධිකරණය මීට පෙර වරෙන්තු නිකුත්කර තිබුණා.

බලපෑම් එල්ල කිරීමේ චෝදනාවකට ලොව ධනවත්ම පුද්ගලයාට අධිකරන නියෝගයක්..

බලපෑම් එල්ල කිරීමේ චෝදනාවකට ලොව ධනවත්ම පුද්ගලයාට අධිකරන නියෝගයක්..

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව කැඳවා තිබුණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවය.

කෙසේ වෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කළේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කල අතිවිශේෂ ගැසට්‌ පත්‍රය පිළිබද නිවේදනයක්..

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කල අතිවිශේෂ ගැසට්‌ පත්‍රය පිළිබද නිවේදනයක්..

ඒ අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කළේය.

ඉන් අනතුරුව නඩුවේ විභාගය ජනවාරි මස 27 වනදාට කල් තැබුණි.