මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කල අතිවිශේෂ ගැසට් පත්‍රය පිළිබද නිවේදනයක්..
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(1) (ආ) හා (ඇ) වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල නම් සහ එක් එක් ස්වාධීන කණ්ඩායම හැදින්වීමේ අංකය, ඒ එක් එක් පක්ෂයට හෝ කණ්ඩායමට වෙන් කරන ලද ලකුණු, ඡන්ද පත්‍රිකාවෙහි දැක්වෙන අනුපිළිවෙළ, අපේක්ෂකයින්ගේ නම්, ඒ එක් එක් අපේක්ෂකයාට වෙන් කරන ලද මනාප අංක සහ ඡන්ද පොළවල පිහිටීම සඳහන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අංක 2405/50 හා 2024 ඔක්තෝම්බර් මස 11 වැනි සිකුරාදා දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය සහ
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කරග කිරීමට අපේක්ෂිත ඒ ඒ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වශයෙන් තෝරා පත්කර ගැනීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූ සුදුසුකම් ඇති තැනැත්තන්ගේ ලැයිස්තු සඳහන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අංක 2405/51 හා 2024 ඔක්තෝම්බර් මස 11 වැනි සිකුරාදා දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කොට ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
එම නිවේදනය ,