ජීවිත ගණනක් බේරාගත් රියදුරුගේ හපන්කම මෙන්න

Report

 තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබියදී බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා රියදුරු විසින් නතර කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ගිනිගත්හේන පොලීසිය සදහන් කර තිබේ.

එය කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයකි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල මහ වංගුව ප්‍රදේශයේ දී අද (26) දින අලුයම 5:30ට පමණ මෙම අනතුර සිදු ව තිබේ.

සුළු මොහොතකට පෙර බිහිසුණු අනතුරක් - මගී නෞකාවක් මුහුද මැද පෙරලෙයි

සුළු මොහොතකට පෙර බිහිසුණු අනතුරක් - මගී නෞකාවක් මුහුද මැද පෙරලෙයි

තවද ධාවනය වෙමින් තිබූ බස් රථය වංගුව ගැනිමට උත්සහ කිරිමත් සමග බස් රථය පාලනය කර ගැනීමට දෙවන ගියරයට ගියරය මාරු කළ බවත් සදහන්ය .

ඉන්පසුව අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත විම නිසා අත්තිරිංගය භාවිතා කරමින් බස් රථය බෑවුම් සහිත ප්‍රදේශයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ගත් බවත් එම බස් රථයේ රියදුරු සදහන් කර ඇත.

විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත් කරන්න මහානායක හිමිවරු ඉල්ලයි

විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත් කරන්න මහානායක හිමිවරු ඉල්ලයි

එම බස් රථයේ රියදුරු මහේෂ් සුදර්ශන් (49) නම් තිදරු පියෙකි. මෙම බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ .

එම මගීන්ව වෙනත් බස් රථයකින් පිටත් කර යැවීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා කටයුතු කර ඇත .