මඟ බලාගෙන නේද හිටියේ .. මෙන්න එහෙනම් තරග කාලසටහන..

Report

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එහිදී ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරගයක් පැවැත්වීමට නියමිතව ඇත.

තරගය දිවා රාත්‍රී තරගයක් වනු ඇති.

රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ සනිටුහන් වන නව වාර්තාවක්..

රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ සනිටුහන් වන නව වාර්තාවක්..

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින ජාත්‍යන්තර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.ටෙස්ට් තරග ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 සිට පෙබරවාරි 2 දක්වා පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරගය 2025 පෙබරවාරි 6 සිට 10 දක්වා පැවැත්වෙනු ඇති.

අවුරුදු උදාවත් සමගම මව සහ සහෝදරියන් සිව්දෙනා ඝාතනය කර වැඩ ඇල්ලූ නරුම පුත්‍රයා ..

අවුරුදු උදාවත් සමගම මව සහ සහෝදරියන් සිව්දෙනා ඝාතනය කර වැඩ ඇල්ලූ නරුම පුත්‍රයා ..

එක්දින තරගය 2025 පෙබරවාරි 13 වන දින පැවැත්වෙන අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 2025 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

You may like this video