අවුරුදු උදාවත් සමගම මව සහ සහෝදරියන් සිව්දෙනා ඝාතනය කර වැඩ ඇල්ලූ නරුම පුත්‍රයා ..

By Piyumika Jan 01, 2025 06:12 AM GMT
Report

 ඉන්දියාවේ ලක්නව්හි පිහිටි හෝටලයකදී අලුත් අවුරුදු උදාවත් සමගම තරුණයෙකු විසින් සිය මව සහ සහෝදරියන් සිව්දෙනා ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පවතින ඖෂධ හිඟය පිළිබද වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසු දේ..

පවතින ඖෂධ හිඟය පිළිබද වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසු දේ..

24 හැවිරිදි අර්ෂාඩ් නැමැති මෙම සැකකරු අග්‍රාහි උපන් අයෙක්වන අතර, මේ වනවිට ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී එම පුද්ගලයා හෙළි කර ඇත්තේ, පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකළ බවයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ඔහුගේ මව සහ අල්ෂියා (19), රහ්මීන් (18), අක්සා (16), ආලියා (9) යන සහෝදරියන් සිව්දෙනායි.

ස්පාඤ්ඤ ජාතිකයා තැපෑලෙන් ගෙන්නපු දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

ස්පාඤ්ඤ ජාතිකයා තැපෑලෙන් ගෙන්නපු දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

අපරාධය සිදුවූ ස්ථානයේ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් යොදවා සාක්ෂි රැස් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

You may like this video