ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

Water
By Thaya Jan 27, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

ගැබිණි මවට වතුර ලබා දිය යුතු ආකාරය ගැන ආයුර්වේදය තුල බොහොම වැදගත් කාරණා අණාවරණය කරනවා.

මේ ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතා අතින් ලියවුන ලිපියක් වෙන අතර එය ගැබිනි මව්වරුන් සදහා ලියවුන ලිපි පෙළක කොටසකි

ජලය?

ජලය යනු ජීවයේ උල්පතයි. අප දන්නා පරිදි ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍යය. ජලය නොමැති තැන ජීවයද නැත.

එසේ වන්නේ ඇයි? ජලය යනු පුදුමාකාර ලෙස ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ගතිගුණ සියල්ලකින්ම සපිරි රසායණික ද්‍රව්‍යයකි.

ජීවයේ පෝශණය සඳහා අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ද්‍රාවණය කර අවශෝෂණය කරගැනීමට, ජීවයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රවාහණයට, අපද්‍රව්‍ය බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහා ජලය මෙන් සුදුසු මාධ්‍යයක් තවම විද්‍යාඥයින් හට හමුවී නොමැත.

ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය.

එම විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි.

ජලය සතු මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්‍රව්‍යය ජලය වීමයි.

මේ ගුණය පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙතරම් වැදගත් ඇයි? පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුල බව අවිවාදයෙන් පිලිගැනෙයි.

ජලය තුල බිහිවුනු ශාක මෙන්ම ජීවීන්ද කෙමෙන් කෙමෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ.

ජීවය සාගර තුල ආරම්භවී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය.

දැනට විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට පෘථිවිය කලින් කලට, එනම් වසර ලක්ශයකට පමණ වරක් අයිස් යුගයක ගිලෙයි.

අවසාන අයිස් යුගය මීට වසර 10,000කට පමණ පෙර අවසන් විය.

ජීවය ජලයේ පමණක් තිබූ වසර බිලියන ගණන තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත

ජලය යනු කුමක්‌ දැයි කිසිවකුට වටහා දීමට අවශ්‍ය නො වේ.

මිනිසාට අත්‍යවශ්‍ය ම ද්‍රව්‍ය අතරින් එකකි, ජලය. අප විසින් ජලය ලබා ගැනෙන ආකාර කිහිපයකි.

ළිං මාර්ගයෙන්, ඇළ දොළ මාර්ගයෙන්, වර්ෂාවෙන් හෝ නළ මාර්ගවලිනි ඒ.

මේ මාර්ගයන්ට ජලය ලැබෙනුයේ කෙසේ ද? ස්‌වාභාවික ජල චක්‍රයේ ඇති ආකාර කිහිපයෙන් එකක්‌ හෝ විවිධ ක්‍රමවේද ම`ගින් ජලය අපට ලබා ගත හැකි ය. පොළොව මතුපිට ගලා යන ජලය මතුපිට ජලය (Surface water) ලෙසත්, පොළොව අභ්‍යන්තරයෙන් ලබාගන්නා ජලය භූගත ජලය (Ground water) ලෙසත් හැඳින්වේ.

ශ්‍රී ලංකාව මේ දෙයාකාරයෙන් ම ජලයෙන් ම පොහොසත් ය.

ජලය නොමැතිව මිනිසා ඇතුළු සත්වයන්ට හෝ ගහ කොළ සහිත පරිසරයට පැවැත්මක් නැත.

ජල අවශ්‍යතාව මිනිසාගේ මුලික අවශ්‍යතාවයකි.පරිසර දුෂණයේ ප්‍රධාන අංශ 4ක්‌ උගන්වන චරක ආචාර්යවරයා ජලයද ඊට අන්තර්ග්‍රහණය කරයි.

බෞද්ධ සම්ප්‍රදාය තුලද ජලයට සුවිශේෂි ස්ථානයක් හිමි වේ.

පොළොව ඇසුරු කළ සත්වයන් වැස්ස ඇසුරු කොට ජීවත් වෙතියි, වරක් බුදුරජාණන් වහන්සේ එක්තරා දේවතාවකුට දේශනා කළහ.

බෞද්ධ සම්ප්‍රදායේ ජලය පූජනීය වස්තුවකි. එසේම පාරිශුද්ධය සංකේතයකි.

වරක් එක්තරා දෙවියෙකු විසින් දිවා රෑ දෙකේම පින් සිදු වෙන පුණ්‍යකර්මය කුමක්දැයි විමසූ විට බුදුරජාණන් වහන්සේ මල්වතු වැවීම, වන වැවීම, හේදඬු කරවීම, පැන් හල් පැන් පොකුණු කිරීම ආදියද වදාළහ.

නොපිළිගන්වන දෑ ගැනීමට භික්ෂූන් වහන්සේට තහනම් වුවද ජලය ඊට අයත් නැත.

එසේම ජල පරිශුද්දිය ආරක්ෂා කර ගැනීම පිණිසද බුදුන් වහන්සේ උපදෙස් දුන්හ.

පානීය ජලය නිරන්තරයෙන් පෙරා පානය කල යුතු බවට උපදෙස් දුන් අතර ඊට පෙරහනක්ද අනුදත්හ.

අපේ අතීත මුතුන් මිත්තන් වැසි වතුර එක්රැස් කිරීමට විවිධ ක්‍රම භාවිත කළහ.

පුවක් ගසේ හනස්ස භාවිතයෙන් වතුර එක් රැස් කරා.ඒවගේම කුඩා පොකුණු වලට සහ ටැංකි ආධාරයෙන් ජලය එක් රැස් කරා.

මෙහෙදී මුලින්ම ලැබෙන වර්ෂාවේ වතුර පොලවට යාමට ඉඩ හැරියා.එයට හේතුව මුලින්ම ලැබෙන වතුර පරිසරය මගින් අපිරිසිදු වීමයි.

අපේ ගම් වල ළිං ඉදිකර තිබ්බා.

ඒ ළිං ආශ්‍රිතව කුඹුක් ගස්, කොහිල, කිකිරිදිය, හබරල වගේ දේවල් වවා තිබුනා. ඒවගෙන් ස්වභාවිකවම ජලය පිරිසිදු කිරීමේ ගුණයක් රැදී තිබුණි.යාපනය වැනි ප්‍රදේශ වල ආඬි ළිං දක්නට ලැබුනා.

මුහුදු බඩ ප්‍රදේශ වලද ළිං දක්නට ලැබූනා.එම ළිං ජලයට මුහුදු වතුර මිශ්‍ර නොවී තිබිමට හේතුව වුවේ ඒම ජනයා ඔවුන්ගේ අත්දැකීම් භාවිත කර නියම ස්ථානයේ ළිං ඉදිකර තිබීමයි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිධ ජල මුලාශ්‍ර වතුර බීම සඳහා භාවිතා කරා.උදාහරණ ලෙස,

නුවර කලාවියේ වැව් වල සහ ගංගා වල වතුර, උඩරට ඇතුළු කඳුකර ප්‍රදේශයේ පිහිලි හා දිය ඇලි භාවිතා කරා, කුරුණෑගල ප්‍රදේශයේ "පතහා" භාවිතා කරා.

අතීතයේ ගම් වල පොදු ළිඳක් භාවිතා කිරීමට පෙලබිලා හිටියා.ඒම පුරුද්ද සුදු ජාතිකයන් විසින් ලංකාව ආක්‍රමණය කර මිනිසුන් ඉඩම් වලට කොටු කිරීමෙන් ඉවත්ව ගියේය.

අපේ සංස්කෘතිය තුළ අලුත් අවුරුද්දේ ළිඳ සමග ගනු දෙනු කරා.එහිදී අගුරු කැබැල්ලක් සුදු මල් ටිකක් තඹ කාසියක් ලිඳට දැම්මා.

එහි අරමුණ වුයේ වතුර පිරිසිදු වීම සහ ලිඳට ගෞරව දැක්වීමයි.එහි විද්‍යාත්මක සත්‍යතාවක් තිබේ.

Gallery