ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා වාහනය යළි රජයට භාරදෙයි

Report

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනාධිපති හිමිකම් පනත අනුව හේග්මා ප්‍රේමදාස මහත්මියට ද විශ්‍රාමික ජනාධිපතිවරයකුට රජයෙන් ලබා දෙන හිමිකම් ලබා දී තිබිණි. ඇයට රජයෙන් ලබා දී තිබූ නිවස විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කෙරෙන විටත් යළි බාර දී තිබිණි.

සංවර්ධන ව්‍යාපෘති සඳහා මධ්‍යම සහ පළාත් පාලන ඒකාබද්ධතාවය අවශ්‍යයි - ජනපති

සංවර්ධන ව්‍යාපෘති සඳහා මධ්‍යම සහ පළාත් පාලන ඒකාබද්ධතාවය අවශ්‍යයි - ජනපති

ඉකුත් දා ජනපතිවරුන්ගේ බලතල අහෝසි කිරීමේ පනත සම්මත වීමත් සමඟම මෙම තීන්දු තීරණ ක්‍රියාත්මක වීමෙන් හිටපු ජනපතිවරුන් සියලුම දෙනා රජයෙන් ලැබුණු නිල නිවාස වාහන සියල්ල භාර දී අවසන් බව සඳහන්වේ.

මේ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පමණක් ඇයගේ නිල නිවසින් ඉවත්වීමට තවත් සුළු කාලයක් ඉල්ලා ඇති බවටත් වාර්තාවේ.

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව