සංවර්ධන ව්‍යාපෘති සඳහා මධ්‍යම සහ පළාත් පාලන ඒකාබද්ධතාවය අවශ්‍යයි - ජනපති

Report

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් වෙත අවධාරණය කළේය.

දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මක් කරා ගමන් කිරීම වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

නව අගමැති කාර්කි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

නව අගමැති කාර්කි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන අතර මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ පළාත් පාලන ආයතන සඳහා 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයට මෙන්ම, 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.  

අධ්‍යාපන, සෞඛ්‍ය සහ මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර මතු ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළ විසඳුම් සහ යෝජනා පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මම දැන් ගහන අත්සනේ ඉඳලා කතා කරන ඉංග්‍රීසි පවා ඉගෙන ගත්තේ පන්සලේ ඇබිත්තයෙක් විදිහට ඉඳලා, ආඩම්බරෙන් කියන හඳුන්නෙත්ති

මම දැන් ගහන අත්සනේ ඉඳලා කතා කරන ඉංග්‍රීසි පවා ඉගෙන ගත්තේ පන්සලේ ඇබිත්තයෙක් විදිහට ඉඳලා, ආඩම්බරෙන් කියන හඳුන්නෙත්ති

විදේශ ණය සහ ආධාර යටතේ මෙරටට හිමි වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විශේෂ ව්‍යාපෘති කාර්යාල ගොඩනඟමින් ඒ වෙනුවෙන් විශාල පරිපාලන වියදමක් දරනවා වෙනුවට පවතින පරිපාලන ව්‍යුහය තුළ කටයුතු කර, අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

පාසල් පද්ධතිය විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර කලාප මට්ටමින් එක් එක් පාසල් වෙත ගොස් එම පාසල් පිළිබඳව සමීපව අධ්‍යයනය කර සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් හොඳම විසඳුම ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මේ ලග්නවලට අද සුබම සුබයි, හිතාගන්න බැරි විදිහේ සැප සම්පත් එක්ක අතමිට සරු වෙයි

මේ ලග්නවලට අද සුබම සුබයි, හිතාගන්න බැරි විදිහේ සැප සම්පත් එක්ක අතමිට සරු වෙයි