ආයේ මෙහෙන් බර වාහන ධාවනය සම්පූර්ණයෙන්ම තහනම්
මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ, ජෙනරාල්වරයා විසින් කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම් කළ බව අවධාරණය කර ඇත.
එමෙන්ම මහවැලි අධිකාරියට අයත් හෙක්ටයාර 55ක අවතැන්වුවන් පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පවසා ඇත.
එසේම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා සඳහන් කළේ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන කටකතා අසත්‍ය බවත්, විද්‍යාත්මක දත්ත මත පදනම්ව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට කොත්මලේ ජලාශයභාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇති බවත් ය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) දින පස්වරුවේ කොත්මලේ ජලාශ වේල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කොත්මලේ මහවැලි සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදී කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්‍රථම ජනතාව දැනුවත් කිරීමට මේ වන විට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.
ඊට අමතරව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ ප්‍රධාන මාර්ග අවහිර වී ඇති බැවින් ජලාශ වේල්ල මඟින් වාහන ධාවනයට අවසර ලබා දී ඇති බවත්, ඊයේ සිට ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්ත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය කිරීමට අවසර දෙන බවත් ය.
අඳාළ සාකච්ඡාවට නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා තිලකරත්න, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.
එසේම පොලීසිය ප්‍රකාශ කළේ ගම්පොළ - නුවරඑළිය මාර්ගය සැහැල්ලු වාහන ධාවනයට විවෘත කර ඇති බවයි.
එමෙන්ම මේ වනවිට කටුකිතුල, රම්බොඩ ඇල්ල හා තවලන්තැන්න යන ස්ථානයන් නායයෑමට ලක්ව තිබූ අතර, එම ස්ථානයන්ගේ මාර්ගය යථා තත්ත්වයට පත්කර ඇති බව සඳහන්.