මහින්ද කුලියට ගෙයක් හොයයි නිල නිවස බාරදෙයි අසනීප නිසා දුරට යන්න කැමති නැහැ

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේ රාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් කතාබහ කළා. ඒ වගේම ඔහුට මේ නිල නිවසෙන් අයින් වෙලා යන්න කියලත් ආණ්ඩුවේ තවත් සමහරක් දෙනා ප්‍රකාශ කළා.

කෙසේ නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම නිල නිවසෙන් ඉවත්වීමට කටයුතු සූදානම් කරන සඳහන් වේ. හිටපු ජනපති වරුන්ගේ විශ්‍රාමික හිමිකම් ඉවත් කිරීමේ පනතක් ආණ්ඩුව මගින් සම්මත කිරීමට සූදානම් වන අවස්ථාවක ඔහු මෙම තීරණය ගැන ඇතැයි සඳහන් වේ.

කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

මෙම පනත සම්මත වූ පසුව ජනාධිපතිවරුන්ට විශ්‍රාම දිවිය ගත කිරීමට නිල නිවසක් හිමි නොවීම මත හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය මෙම පියවර ගනිමින් තිබේ. ඒ අනුව ගැලපෙන කුලී නිවසක් මේ දිනවල සොයමින් සිටින බව දැන ගන්නට ඇත.

ඒ මහතා මැදමුලනේ පිහිටි සිය නිවසට යාමට වැඩි කැමැත්තක් දැක්වුවත් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමේදී ඇතිවන අපහසුතාවයක් මෙන්ම සැලකිය යුතු දුරක් ගෙවමින් කොළඹට පැමිණීමේ අපහසුතාවය සලකා බලමින් මෙම පියවර ගනිමින් ඇත.

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

හිටපු ජනාධිපතිවරයාට නැවතීමට සුදුසු ගෙවල් රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතත් ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලමින් සිටින වාර්තා වෙයි. ඒ වගේම ඔහුගේ දරුවන්ගේ නිවෙස් තිබුණද එහි ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව සහතික වීමට නොහැකි නිසා එවැනි ස්ථාන තෝරා නොගනු ඇතැයි වාර්තා වෙයි.

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට