පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ හාරිස්පත්තුව පූජාපිටිය ජල පිරිපහදු මධ්යස්ථානය විසින් වඩාත් ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා සිදුකෙරෙන අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21) උදෑසන සිට ප්රදේශ රැසකට පැය 42ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.
හෙට 21 පෙ.ව. 09.00 සිට 2026 ඔක්තෝබර් 23 වැනි සිකුරාදා දින ප.ව. 3.00 දක්වා මෙම ජල සැපයුම් බිඳ වැටීම සිදුවනු ඇති අතර ජල සැපයුම අත්හිටුවන ප්රදේශ පහත දැක්වෙයි.
ඉන්ධන නොමැත බෝඩ් ගහයි - පිරවුම්හල් වසා දමයි - ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය
මැදවෙල (පැරණි) සේවා ජලාශය: කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කෝටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට සහ තල පැලැල්ලේගොඩ පාර.
මැදවෙල (නව) සේවා ජලාශය: බටුගොඩ, ඇහැඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරන්කහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාදා.
ගල්ලෙනවත්ත: ගල්ලෙනවත්ත සහ බාන් අංග.
ගලගෙදර: ගලගෙදර, වෑමඩ, බෝයගොඩ ආශ්රිත ප්රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.
මාවතගම: මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස.
මෙම කාලසීමාව තුළ ජල සැපයුම් අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.