වාණිජ බැංකුවල රුපියල තවත් අවප්රමාණය වෙයි - අද අලුත්ම විනිමය අනුපාතික මෙන්න
සඳුදා දිනයට සාපේක්ෂව අද (20) ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බැංකු අනුව ඩොලරයක විකුණුම් අනුපාතිකය රුපියල් 335.50ත් 336.55ත් අතර පරාසයක පවතී.
සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 326.95 සිට රුපියල් 327.30 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 336.20 සිට රුපියල් 336.55 දක්වා ඉහළ ගොස් ඇත.
NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.75 සිට රුපියල් 327.10 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 335.75 සිට රුපියල් 336.10 දක්වාත් ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ (People’s Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 327.36 සිට රුපියල් 327.61 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.48 සිට රුපියල් 335.73 දක්වා ඉහළ ගොස් ඇත.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.33 සිට රුපියල් 325.58 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 335.25 සිට රුපියල් 335.50 දක්වාත් ඉහළ ගොස් තිබේ.
මේ අතර, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 327.50ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 335.50ක් ලෙසත් නොවෙනස්ව පවතී.