ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් - මෙන්න හේතුව
විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර් 16 වනදා දක්වා දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ පිහිටුවා ඇති මෙම කොමිෂන් සභාවේ කාලය 2026 ඔක්තෝබර් 16 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි.
ඒ අනුව එම කාලසීමාව තවත් මාස දෙකක කාලයකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. ජනාධිපතිවරයා විසින් පසුගිය 17 වනදා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එමගින් කොමිෂන් සභාවට පැවරී ඇති විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව හිමිවේ.