පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං - හෙට දිනයේදී අවධානයෙන් සිටිය යුතු දිස්ත්‍රික්ක මෙන්න
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, හෙට දිනයේදී සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මෙම ප්‍රදේශවල අහස වලාකුළුවලින් බර වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ සහ ගාල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40-50 ක පමණ තද සුළං අපේක්ෂා කළ හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික, ප්‍රාදේශීය තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
භීතියේ සංකේතයක් වූ මෝරුන්ගෙන් මිනිසාට අලුත් සේවයක් - සුළි කුණාටු අනාවැකි කියන්න විද්‍යාඥයන් මෝරුන්ගෙන් උදව් ගනී