හැඩඔය දෙපස ජනතාවට දැනුම්දීමක්

Report

 සියඹලාණ්ඩුව ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග සියඹලාණ්ඩුව හැඩඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

මෙම අයහපත් කාලගුණික තත්වය මත ඊයේ(07) පස්වරුවේ දී ඇතිමලේ කොටියාගල මාර්ගය ජලයෙන් යට වී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය ජනතාව දැනුවත් කර ඇත්තේ හැඩඔයේ ජල මට්ටම තවමත් ඉහළ යමින් තිබීම නිසා හැඩඔය දෙපස ජනතාව අවධානයෙන් සිටින ලෙසයි. 

සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවෙයි - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවෙයි - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්