අද 1න් පස්සේ මේ අයට මිලිමීටර් 100ට වැඩි තද වැසි
අද (04) දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අද දිනය සඳහා වූ නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින්.
එම නිවේදනයට අනුව ඇති වියහැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනතාවට දැනුම් දී තිබෙනවා.
එසේම රට පුරා බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව සඳහන්.
තවද උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.