රටම කළඹමින් මියගිය මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු අද[VIDEO]
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වූ සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටියදී මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද (2) දින පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
ඔහු පසුගිය 30වැනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ආකාරයට මියගොස් තිබුණි.
කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ සිව්දෙනාගෙන් සමන්විත කමිටුවක් විසින් එම මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල මත සිදුවූ දිවි නසාගැනීමක් බවට ඊයේ (1) දින තහවුරු කර තිබුණා.
මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතා වැඩ තහනමට ලක්වන විට මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇත.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,