"අතුරුදන් වූ ඩොලර්වලට ජනපති පළියිද? ජනපති මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ.." - සුනිල් වටගලගෙන් සැර ප්‍රකාශයක්

Report

මහා භාණ්ඩාගාරය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල් අස්ථානගත වීම හුදෙක් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ඇති වූ සිද්ධියක් බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරමින් ඇති විමර්ශනවලදී මෙය පද්ධතිමය තාක්ෂණික දෝෂයක් ලෙස මුලික වශයෙන් හඳුනාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර අවසන් නිගමනයක් මෙතෙක් ලබාගෙන නොමැති බවද වාර්තා වේ.

තමිල්නාඩුව හෙල්ලූ විජේගේ ආගමනය - ස්ටාලින්ගේ බලකොටුව බිඳෙයිද?

තමිල්නාඩුව හෙල්ලූ විජේගේ ආගමනය - ස්ටාලින්ගේ බලකොටුව බිඳෙයිද?

තවදුරටත් නියෝජ්‍ය ඇමති කියා සිටියේ;

“මේ ක්‍රියාවත් දේශපාලන අධිකාරියේ ඇති වෙච්චි කතාවක් නෙමෙයි. විදුහල්පතිවරයා පාසලක් පාලනය කරගෙන යනකොට පන්ති කාමරයේ ඇති වන සිද්ධියකට ඍජුව අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධ වෙනවා යැයි කියනවා වැනි උදාහරණයක් මේ. මෙය හුදෙක් තාක්ෂණික පරිපාලන කාරණා මත මහ බැංකුවේ ඇති වූ සිද්ධියක්.

මේ සිදුවීම දැනගත් වහාම ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙමින් උපදෙස් දීලා විමර්ශන ක්‍රියාවලියක් යනවා. ජනාධිපති අනුර දිසානායක ඇවිත් මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ. ලේකම්වරයාගේ මැදිහත්වීමක් ඇති. දැනට පෙනී යන්නේ මේක නිලධාරීන්ගේ අතින් සිදු වූ තාක්ෂණික ගැටලුවක් බවයි.  

"ආණ්ඩුවේ දක්ෂයෝ නැති බව ඔප්පු වුණා" - එරාන්ගේ පත්වීම ගැන මූජිබර් රහ්මාන්ගෙන් මාලිමාවට සැර ටොක්කක්

"ආණ්ඩුවේ දක්ෂයෝ නැති බව ඔප්පු වුණා" - එරාන්ගේ පත්වීම ගැන මූජිබර් රහ්මාන්ගෙන් මාලිමාවට සැර ටොක්කක්

මුදල් ලේකම්වරයා දෙස් විදෙස් ආයතනවල සේවය කළ අත්දැකීම් සහිත අපිත් සමග දේශපාලනය කළ කෙනෙක්. අපට ඔහුගේ දැනුම ගැන අවබෝධයක් තියෙනවා. ජනාධිපතිවරයා විශ්වාස කළා ඔහු මේ වගකීම කරයි කියලා. ඩොලර් මිලියන දෙකහමාර අහිමි වුණේ ලේකම්වරයාගේ අසමත්භාවය නිසා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් මම ඒක බැහැර කරනවා. ඇමරිකාවට යවන ලද මුදලකුත් අතුරුදන්. දැන් ඒ ගැනත් විමර්ශන යනවා. නමුත් මේ කිසිවක් දේශපාලනමය වශයෙන් සිදුවූ අතපසුවීමක ප්‍රතිඵලයක් නෙමෙයි. අපි මෙහෙම කියන්නේ අත පිහදාගන්න නෙමෙයි.”  

යූටියුබ් වෙතින් සුපිරි තෑග්ගක් - දැන් හැමෝටම නොමිලේ

යූටියුබ් වෙතින් සුපිරි තෑග්ගක් - දැන් හැමෝටම නොමිලේ