යූටියුබ් වෙතින් සුපිරි තෑග්ගක් - දැන් හැමෝටම නොමිලේ

Report

ස්මාර්ට්ෆෝන් භාවිතයේදී අත්‍යවශ්‍ය යෙදුමක් ලෙස සැලකෙන යූ ටියුබ්, ලෝකයේම ජනප්‍රියම විනෝදාස්වාද වේදිකාවක් ලෙස තවදුරටත් පවතී. සංගීතය, වීඩියෝ සහ විවිධ අන්තර්ගත සඳහා බහුලව භාවිතා වන මෙම වේදිකාව, බොහෝ පරිශීලකයින්ගේ රූපවාහිනී නැරඹීමේ පුරුදුද වෙනස් කර ඇත.

මේ අතර, යූ ටියුබ් විසින් නව යාවත්කාලීන රැසක් නිකුත් කරමින් වැදගත් වෙනසක් නිවේදනය කර තිබේ.

ඒ අනුව, Picture-in-Picture (PiP) විශේෂාංගය දැන් ඇන්ඩ්‍රොයිඩ් සහ iOS පරිශීලකයින්ට නොමිලේ භාවිතා කළ හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම පහසුකම සංගීත වීඩියෝ හැර දිගු වීඩියෝ සඳහා පමණක් නොමිලේ ලබා දෙන බවද වාර්තා වේ.

මීට පෙර PiP විශේෂාංගය භාවිතා කළ හැකි වූයේ YouTube Premium ග්‍රාහකයින්ට පමණක් බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

ලබන සතියෙ ඉඳන් ට්‍රම්ප්ගෙන් මේ වාහනවලට 25%ක තීරු බද්දක් - කිව්ව දේ නාහපු නිසා තරහ පිරිමහන ට්‍රම්ප්

ලබන සතියෙ ඉඳන් ට්‍රම්ප්ගෙන් මේ වාහනවලට 25%ක තීරු බද්දක් - කිව්ව දේ නාහපු නිසා තරහ පිරිමහන ට්‍රම්ප්