අනේ මම යද්දි මගේ තාත්තා නෑ මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා...හදවතේ කැකෑරෙන වේදනාව වචන කළ ධම්මික ප්‍රසාද්[VIDEO]
ධම්මික ප්‍රසාද් කියන්නේ ලංකාවේ කවුරුත් දන්න, ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්නේ. මේ දිනවල ඔහු තැබූ සටහනක් සමාජ මාධ්‍ය පුරාවටම සංවේගයක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.
ඒ ඔහුගේ ආදරණීය පියා ගැන.
තමන්ගේ පියාගේ වියෝවේ වේදනාව ඔහු වචන කර තිබුණේ මේ විදිහට.
"ලොකු පුතේ කෑවාද? ළමයි දෙන්නා හොඳින් ඉන්නවද මොනවද කරන්නේ? ඉස්සරහට මොනවද ඔයාගේ තියෙන වැඩ කටයුතු? ඉන්දියාවට යනවද එහෙම නැත්නම් කොහෙද යන්නේ ඇමරිකා ටීම් එකේ වැඩ ටික හොඳට කරගන්න ඕනේ ටීම් එක හොඳ තැනකට ගේන්න ඕනා. පුතේ ගිහින් වැඩ ටික හොඳට කරගෙන එන්න. අනික මම බෙහෙත් ටික බොනවානේ. ඉතින් ඒ හින්ද මට ඉක්මනට හොඳ වෙයි. බයවෙන්න දෙයක් නෑ. එහෙම කියපු මගේ තාත්තට මම සමුදීලා ආයේ මම ගෙදර ගියේ world cup එකට ටීම් එකට සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් හැබැයි ගෙදර ගිහිල්ලා විනාඩි 15ක් ඉන්න ඉන්න උනේ නෑ, මගේ යාළුවෙක් කතා කරලා කිව්වා, තාත්තට පොඩ්ඩක් අමාරුයි වගේ ධම්මික ගෙදර එන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. අනේ මම යද්දි මගේ තාත්තා නෑ, මගේ තාත්තා මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා, දැනුනු දේවල් වචනයට පෙරලගන්න බැරුවේ තාත්තා ගාවට වෙලා බදාගෙන මම මම අඬපු විදිහ අදටත් රැව් පිරි රැව් දෙනවා සහ ජීවිතය අමතකම නොවන සිදුවීම බවට මේ වෙනකොට පත්වී හමාරයි. මල්ලි කැනඩා යන්න ඔක්කොම ලෑස්ති වෙලා තියෙද්දී එයාගේ බිරිඳ කැනඩාවට ගිහිල්ලා හිටියේ එතකොට මල්ලි තාත්තා ළඟ නැවතිලා එයාව බලාගන්නවා, පුතේ අපි මල්ලිට යන්න ගියමු නේද? මොකද හේතුව දැන් එයත් මං ගාව ගොඩක් දවසක් ඉන්නවනේ. ඒ වගේම තමයි මට හොඳ වෙයි ඒක හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම කියපු මේ ලෙඩෙන් ඉන්න මගේ තාත්තා. ඒක දරාගෙන කොච්චර අමාරුවෙන් හිටියත් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අන්තිම මොහොත හරි කැප කරන්න පුළුවන් මට්ටමේ තත්වයක හිටියේ කොහොමද කියන එක අදටත් මටත් ලොකු කුතුහලයක් ඒ තරම් දරා ගැනීමක්."