හැටන් - දික්ඔය කැළඹූ බිහිසුණු අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට - තුවාලකරුවන් 22ක් - කිහිපදෙනෙකුට බරපතළයි[UPDATE][VIDEO]

Report

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එක් අයකු මියගොස් 22 දෙදෙනකු රෝහල් ගත කර ඇති බව හැටන් පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

එසේම අනතුරින් තුවාල ලැබූවන් අතර එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු 22 දෙදෙනකු තුවාල ලබා ඇති බව ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අද (29) දින පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් ෆොඩයිස් හරහා ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල වත්ත ප්‍රදේශයෙදි බව සඳහන්.

හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේදීත් බිහිසුණු අනතුරක් - 20 කට තුවාල

හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේදීත් බිහිසුණු අනතුරක් - 20 කට තුවාල

අනතුර සිදුව ඇත්තේ ධාවනය වෙමින් තිබූ බස් රථය තවත් බස් රථයකට ඉඩ දීමට යැමෙදි එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන්.

මේ අතර අනතුරින් තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කර ඇත.

එමෙන්ම බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇති බවත් අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසයි.

යුද ගිනි මැද හමුදා ග්‍රහණයට හසුවූ භටයෙක් ඒ මොහොතෙම අත් බෝම්බයක් පුපුරවා ගනී - ක්‍රියාව වෙනුවෙන් විශේෂ ප්‍රශංසාවක්

යුද ගිනි මැද හමුදා ග්‍රහණයට හසුවූ භටයෙක් ඒ මොහොතෙම අත් බෝම්බයක් පුපුරවා ගනී - ක්‍රියාව වෙනුවෙන් විශේෂ ප්‍රශංසාවක්

රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,