භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 අතුරුදන් සිද්ධියේ භාණ්ඩාගාර නිලධාරීන් ගත් රට කෝල් සොයයි

Report

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් පාර්ශ්වයකට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව තොරතුරු අනාවරණය කරගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පැවසුවේ, භාණ්ඩාගාරයේ නිලධාරීන් භාවිතා කරන පෞද්ගලික ජංගම දුරකථන වලින් සිදුකර ඇති විදේශීය ඇමතුම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ සිදුකරන බවයි.

ඩොලර් මිලියන 2.5ක රහස ඔහු සමඟම වැළලුණාද? - අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ වාර්තාව හෙළිවේ

ඩොලර් මිලියන 2.5ක රහස ඔහු සමඟම වැළලුණාද? - අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ වාර්තාව හෙළිවේ

එම ඇමතුම් ලබාගත් පුද්ගලයන්ගේ හැඳුනුම් සහ තරාතිරම අනාවරණය කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ද දැනටමත් සම්බන්ධ වී විමර්ශන සිදුකරමින් සිටින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම මුදල් අතුරුදහන් වීම හැකර් ප්‍රහාරයක්ද, අභ්‍යන්තර සැලැස්මක්ද, නැතිනම් අත්වැරැද්දක්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී වැඩිදුර තොරතුරු අනාවරණය වීමට අපේක්ෂා කෙරේ. 

ලිංගික ප්‍රචණ්ඩත්වය යුධ උපක්‍රමයක් ලෙස? පලස්තීන කාන්තාවන් මුහුණ දෙන බිහිසුණු ඉරණම හෙළිවේ

ලිංගික ප්‍රචණ්ඩත්වය යුධ උපක්‍රමයක් ලෙස? පලස්තීන කාන්තාවන් මුහුණ දෙන බිහිසුණු ඉරණම හෙළිවේ