ලංකාවේ මුහුදු තීරයේ ඇති ගෑස් නිධි, ඉන්ධන සම්පත් ගන්න බැරි වුණේ විවිධ පාර්ශවවල බලපෑම් නිසා - සජිත්
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ අද (02) දින මහවැලි කේන්ද්‍රයේ පැවැති ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන මහත්මිය විසින් රචිත ‘එමි ආච්චි-ශ්‍රී ලංකාවේ ආච්චි අම්මා සහ පූර්ව ජීවීන්’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.
එම අවස්ථාවේදී විපක්ෂනායකවරයා සඳහන් කළේ ආහාර සුරක්ෂිතභාවය, ආර්ථික, සමාජීය, දේශපාලන ස්වෛරීභාවය මෙන්ම ජනතාවගේ ජන ජීවිත සංවර්ධන රටාවන් ආදී සෑම දෙයක්ම බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවයි.
තවද මෙම අවස්ථාව වන විට රටේ අවශ්‍යතාව ජනතාවගේ අවශ්‍යතාව ගැන සිතා රටේ සම්පත් උපයෝගී කරගනිමින් ස්වෝත්සාහයෙන් සෑම අතින්ම ස්වයංපෝෂිත විය යුතු බව විපක්ෂනායකවරයා පෙන්වා දෙයි.
සියල්ල වෙනස් වෙයිද? බරපතළ සැකයක් - භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් ඉල්ලයි
එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ මෙරට මුහුදු තීරයේ ඇති ගෑස් නිධි, ඉන්ධන සම්පත් ගැන කතා කරන නමුත් ඉකුත් දිනෙක සමගි ජන බලවේගය බලශක්ති ප්‍රතිපත්ති සම්පාදන කමිටුව රැස්වූ අවස්ථාවේදී එහි සිටි විශේෂඥයින්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විටදී ඔවුන් විවිධ පාර්ශවවල බලපෑම් හේතුවෙන් මෙම සම්පත් ලබා ගැනීමට නොහැකි බව පැවසු බව පවසා ඇත.
ඒ අනුව බලශක්ති සුරක්ෂිතභාවයට, ඉන්ධන සුරක්ෂිතභාවයට විරුද්ධව කටයුතු කරන පිරිසක් හේතුවෙන් මෙම සම්පත් ලබා ගැනීමට නොහැකි බවද ඔවුන් පෙන්වා දුන් බව විපක්ෂනායකවරයා සඳහන් කර තිබෙනවා.
මෙහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම සම්පත් තිරසර භාවිත කිරීම තුළින් විදේශ රටවලින් යැපීමකින් තොරව ස්වයංපෝශිතව කටයුතු කළ හැකි බවයි.