මධ්‍යම කඳුකරයට තද වැසි ඇදහැලෙයි - රියදුරන්ට සැලකිලිමත් වන්නැයි විශේෂ ඉල්ලීමක්
By Malith Madushan
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක පිහිටි වතු නිවාස ජලයෙන් යටවී තිබේ.
පවතින අධික වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් හැටන්නු-වරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී අවධානයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.