අයහපත් කාලගුණයෙන් රටට බලපෑම් - පීඩාවට පත්වූවන්ගේ නවතම තොරතුරු මෙන්න

Report

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 4,360 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 1,190කට අයත් මෙම පිරිස දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125කින් වාර්තා වී ඇති බවයි. අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා තිබේ.

එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 4ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර, නිවාස 613කට අර්ධ හානි සිදුව තිබේ.

මේ අතර, පීඩාවට පත් ජනතාව සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇති අතර, එහි පවුල් 13කට අයත් පුද්ගලයින් 46 දෙනෙකු රැඳී සිටින බව වාර්තා වේ.

අහුංගල්ලේ වෙඩිල්ල 'ලොකු පැටී' ගේ වැඩක් බවට තොරතුරු

අහුංගල්ලේ වෙඩිල්ල 'ලොකු පැටී' ගේ වැඩක් බවට තොරතුරු

වියළි කාලගුණයෙන් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්ද විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 12කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක පවුල් 49,796කට අයත් පුද්ගලයින් 164,348 දෙනෙකු වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව තිබේ.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් 136,569 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

හදිසි අවස්ථා සහ ආපදා අවස්ථාවලදී - ජංගම දුරකථන වෙත මෙම අනතුරු ඇඟවීම් - මහජනතාවට විශේෂ දැනුම්දීමක්

හදිසි අවස්ථා සහ ආපදා අවස්ථාවලදී - ජංගම දුරකථන වෙත මෙම අනතුරු ඇඟවීම් - මහජනතාවට විශේෂ දැනුම්දීමක්