මේ පාරනම් හරි වගේ - රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ම අරී
රටේ මතුව ඇති වැසි සහිත අයහපත් කාලගුණය මත රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇත.
ඊට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරන්නේ අංගමුව ජලාශයේ දොරටු 2 ක් දැනට විවෘත කර ඇති බවයි.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං තත්ත්වයක් මෙන්ම අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.