එලියට බහින්න නම් එපා.. පළාත් කිහිපයකට රතු අනතුරු ඇඟවීමක්
හෙට (20) දිනයේදී දිවයිනේ පළාත් කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය මෙම අවධානය යොමු කළ යුතු මට්ටමට පත්විය හැකි බව නිවේදනය කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව විශේෂයෙන් දිනපතා කටයුතු සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත්, ප්‍රමාණවත් ජලය පානය කිරීම සහ අවශ්‍යතාවයකින් තොරව දීර්ඝ කාලයක් හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වලකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.