ඉරානයට අපව බ්ලැක්මේල් කරන්න බෑ.. ට්‍රම්ප්ට ඔරොප්පු වෙලා
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින්, “ඉරානයට අපව බ්ලැක්මේල් කළ නොහැක” යැයි ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉරානය සමඟ ඇමරිකාව පැවැත්වෙන සාකච්ඡා හොඳින් ඉදිරියට යන බවත්, සති අන්තයේදී ඒ පිළිබඳව තවත් තොරතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, වාර්තාකරුවන් විසින් ඉරානය සම්බන්ධයෙන් උදව්වක් ඉල්ලා සිටියද, එවැනි ප්‍රශ්නවලට සෘජු පිළිතුරු ලබාදීමට ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇත. එහෙත්, “අපි ඉතා හොඳ සංවාද පවත්වනවා” යනුවෙන් ඔහු පවසා තිබේ.
එමෙන්ම, ඉරානය “ටිකක් හුරුබුහුටි වුණා” යැයි ඔහු පවසා ඇති අතර, පසුව හෝමූස් සන්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ඔවුන්ට නැවත සන්ධිය වසා දැමීමට අවශ්‍ය විය” යනුවෙන්ද සඳහන් කර ඇත.
ඊට ප්‍රතිචාර ලෙස, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශයක් නිකුත් කරමින්, “හෝමූස් සමුද්‍ර සන්ධියට ළඟා වීම සතුරා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමක් ලෙස සලකනු ලබන අතර, ඕනෑම උල්ලංඝනය කරන යාත්‍රාවක් ඉලක්ක කරනු ලැබේ” යැයි අනතුරු අඟවා ඇත.
එසේම, ඉකුත් සිකුරාදා හෝමූස් ජල මාර්ගය විවෘත කරන බව ප්‍රකාශ කළත්, එක්සත් ජනපදය විසින් සටන් විරාම කාලය තුළ විශ්වාසය කඩ කිරීමේ ක්‍රියාවන් සිදු කළ බව සඳහන් කරමින්, ඉරානය විසින් සෙනසුරාදා සිට නැව් ගමන් කිරීම සඳහා නැවත සීමාවන් පනවා ඇති බව වාර්තා වේ.