ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක් - අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත මෙය ක්‍රියාත්මකයි
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඒ අනුව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කියා සිටියේ පෙර පැවති ඉන්ධන කෝටාව නැවත සක්‍රීය වන බවයි.
එමෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන හිමියන්ට කෝටා ක්‍රමය භාවිත නොකර පෙට්‍රල් ලබා ගැනීමට ඉඩ සලසමින් අප්‍රේල් 11 වැනිදා සිට QR ක්‍රමය තාවකාලිකව ලිහිල් කර තිබුණා.
කෙසේ වුවත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්.