පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල ඉන්නේක කොතරම් බරපතලද - නලින්දට දුක හිතයි

Report

පිල්ලයාන්ගේ නීතිඥයා ලෙස ගම්මන්පිල පත්වීම: අතීත වංචා හා ඝාතනවල බරපතල බව හෙළිවෙයි පිල්ලයාන්ගේ නීතිඥයා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පත්වීමත් සමඟ අතීතයේ සිදුවූ වංචා, දූෂණ සහ ඝාතනවල කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ගම්මන්පිල මහතා මීට පෙර මෙරට ජනතාව ඉදිරියේ නඩු කතා කළ බවට සාක්ෂි නොමැති බවයි.

ආණ්ඩුව මතක තියාගන්න - "පිල්ලෙයාන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කළ කෙනෙක්"

ආණ්ඩුව මතක තියාගන්න - "පිල්ලෙයාන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කළ කෙනෙක්"

එහෙත්, පිල්ලයාන් තම නීතිඥයා ලෙස ගම්මන්පිල මහතා තෝරාගෙන ඇති අතර, ඔහු භාරගෙන ඇත්තේ පිල්ලයාන්ගේ නඩුව බව ද ජයතිස්ස මහතා පැවසීය.

“මේවා සාමාන්‍ය දේශපාලන ඝාතන නොවේ. මෙය විශාල ජාලයක් තුළ ක්‍රියාත්මක වූ ක්‍රියාවලියකි. එම ජාලයේ නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් පවතිනවා,”

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

"මේ වන විට අල්ලස් කොමිසම සක්‍රීය වී පසුගිය කාලයේ යටගොස් තිබූ ෆයිල් උඩට ගනිමින් තිබෙනවා. වැරදිකරුවන්ට නඩු පවරමින් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරමින් නඩු පවරමින් අධිචෝදනා ගොනු කරමින් සිටිනවා. නීතිය පැත්තෙන් කළ යුතු සියලු දේවල් ඊට සම්බන්ධ ආයතන මගින් සිදුකරමින් පවතිනවා. රජය මඟින් සිදු කරනු ලබන්නේ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි” යනුවෙන් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.