අවධානයෙන් සිටින්න - අද රටට දැනෙන උණුසුම ගැන විශේෂ නිවේදනයක්
අද(10) දිනය සඳහා වලංගු උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.
ඒ උතුර, උතුරු - මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි.
සූදානම් වන්න යනුවෙන් සඳහන් අඳාළ නිවේදනයේ උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව දැක්වේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
