ආචාර්යවරුන් විශ්වවිද්‍යාල හැර යයි - රාජ්‍ය උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන බරපතළ අනතුරු ඇඟවීමක්
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බැවින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, පසුගිය වසර දෙකක කාලය පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඒවාට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට බරපතළ අර්බුද රැසකට මුහුණ දී ඇති බවත්, ඉහළ සුදුසුකම් සහිත ආචාර්යවරුන් විශ්වවිද්‍යාල හැර යාම සහ නව බඳවාගැනීම් සිදු නොවීම හේතුවෙන් රාජ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිඳවැටීමේ අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
මෙම ගැටලු විසඳා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වුව ද ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, විශ්වවිද්‍යාල සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන, යටිතල පහසුකම් සහ සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාට සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාට සති දෙකකට පමණ පෙර ලිපි යොමු කළ බව ද ඔහු පැවසීය. එහෙත් මේ දක්වා එම සාකච්ඡා සඳහා අවස්ථාවක් හෝ ගැටලුවලට විසඳුමක් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, වසර දෙකක පමණ කාලයක් තිස්සේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදු වූ බවයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය, සුදුසුකම් ලත් පිරිස් විදේශගත වීම, බඳවාගැනීම් සිදු නොවීම සහ විශ්වවිද්‍යාලවලට ප්‍රමාණවත් ප්‍රතිපාදන හා යටිතල පහසුකම් නොලැබීම ඇතුළු ගැටලු රැසක් පවතින බව ද ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය හමුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු විසඳීමට බලධාරීන් කඩිනම් මැදිහත්වීමක් සිදු නොකරන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව සම්මේලනයේ අදහසයි.