මහ වැසි මැද ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්න ලෙස දන්වා මේ දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
අද(13) දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව සූදානම් වන්න ලෙස දන්වා ඇති අඳාළ නිවේදනයේ වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව සඳහන්.
අඳාළ සම්පූර්ණ නිවේදනය පහතින්,
