බුලත්වි​ට කන අයට විශේෂ දැනුවත් කිරීමක් - මේවට ලෑස්ති නම් කන්න

Report

බුලත්විට කෑමෙන් දිනකට පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ මහාචාර්ය හේමන්ත අමරසිංහ ප්‍රකාශ කරයි.

ඒ අනුව ඊයේ (11) දින කොළඹ සෙත්සිරිපායේදී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳව පැවැති වැඩමුළුවකදී, බුලත්, පුවක් කෑමෙන් මුඛ පිළිකා රෝගින් 09 දෙනෙක් දිනකට වාර්තා වන බව මහාචාර්යවරයා සඳහන් කළා.

එසේම ඔහු කියා සිටියේ මෙම තත්ත්වය තරුණ පිරිස අතරද වැඩිවීමක් ඇති බවයි.

අද මේ අයට විශේෂ සුනාමි පෙරහුරුවක්

අද මේ අයට විශේෂ සුනාමි පෙරහුරුවක්

තවද කාලයක් තිස්සේ බුලත්, පුවක් සහ හුණු, දුම්කොළ භාවිතයට ගැනීමෙන් මුඛය ආශ්‍රිතව සහ උගුර ආශ්‍රිතව පිළිකා ඇතිවන බවද මහාචාර්යා සඳහන් කළා.

මේ අතර මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මඟින් මේ වසරේදී පිළිකා රෝගීන් හතළිස් දහසක් (40,000) වාර්තා වන බව දක්වා ඇත.

ඒ අනුව එම අධිකාරිය සිදුකළ සමීක්ෂණවලදී හෙළිව ඇත්තේ බොහෝ පිරිසකට පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක් වශයෙන් බුලත්විට කෑම, දුම්කොළ භාවිතය, මධ්‍යසාර භාවිතය හේතු වී තිබෙන බවයි.

තවද අක්‍රමවත් ආහාර රටාවද මෙම තත්ත්වය ඇතිවීමට හේතු වේ.

මහාචාර්ය හේමන්ත අමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමග පිළිකා ඇතිවීමේ අවදානම ද වැඩි බවයි.

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි