පිරිසකට සුබ ආරංචියක් - අවසන් තීරණය මේ 19 වෙනිදා..

Report

රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

පිරිසකට සුබ ආරංචියක් - අවසන් තීරණය මේ 19 වෙනිදා.. | Health Service In Sri Lanka

ඒ සෞඛ්‍ය සේවකයින් සඳහා ඩැට් දීමනාව ලබා දීම, නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම මෙන්ම අතිකාල ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා එකඟ වූ බවයි.

එම දීමනා ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය එළඹෙන 19 වැනිදා පැවැත්වෙන සකච්ඡාවක දී ගැනීමට නියමිත බව උන්වහන්සේ සඳහන් කළේ ය.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව ඉල්ලා වෘත්තිය සමිති 72ක් එක්ව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ අවසන් විය.

ඒ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමඟයි.

ඒ බව එම වෘත්තීය සමිති නායකයින් පැවසුවේ ය.

මෙම වැඩවර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය එක් වූයේ නොමැත.

කෙසේ වෙතත්, හෙද වෘත්තිය සමිති පසුගිය 5 වැනිදා සහ 06 වැනිදා නිල ඇඳුම වෙනුවට සාමාන්‍ය ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරනු ලැබීය.

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කළ රුපියල් 10,000ක දීමනාව ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් ය.