ජනපති අනුර යටතේ සෞඛ්‍ය අංශය බිද වැටිලා - වෛද්‍යවරු රට හැර යනවා

Anura Kumara Dissanayaka Ministry of Health Sri Lanka Latest Headlines Doctors Sinhala news
By Ashfa Jul 18, 2025 08:56 AM GMT
Ashfa

Ashfa

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, ඉතිහාසයේදී කිසිදා නොවූ පරිදි සෞඛ්‍ය අංශය සඳහා වැඩිම මුදලක් පසුගිය අයවැයෙන් වෙන් කර ඇති බවයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

කෙසේ වෙතත්, එම මුදල් නිසි ලෙස නායකත්වය සහ කළමනාකරණය යටතේ යොදා නොගෙන ඇති බැවින් මහජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තිය සංගමය ප්‍රකාශ කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ, මේ ආණ්ඩුව බාරගත් අවස්ථාවේ පැවති තත්ත්වයට වඩාත් දැඩි සෞඛ්‍ය අර්බුදයකට මේ වන විට දිවයින මුහුණ දී සිටින බවයි.

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

ඔහු සඳහන් කළේ ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය විශාල වී ඇති අතර සෞඛ්‍ය සේවකයන්ගේ ආණ්ඩුවට ඇති විශ්වාසයද බිඳ වැටී ඇති බවයි.

කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වලදී පවා හදිසි හෘදයාබාධ පරීක්ෂණ වැනි අත්‍යවශ්‍ය සේවාවන් නතර වී ඇති අතර, ඇන්ජීයෝග්‍රෑම් සහ එම්.ආර්.අයි. පරීක්ෂණ සිදු කිරීමේ වේගයද පහල වැටී ඇත.

එමෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් නීතිමය අභියෝගවලට මුහුණ දී සිටින අතර, ඉදිරියේදී ඔවුන් විදේශගත වීමේ ප්‍රවණතාවය වර්ධනය විය හැකි බව ද ඔහු අනාවරණය කළේය.

මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර ආරම්භ කිරීම, සහ කළුතර මාතෘ හා ළමා රෝහල ආරම්භ කිරීම පවා වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත් හිඟය හේතුවෙන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවද ඔහු අවධාරණය කළේය.  

ReeCha