ආදරේට සිප ගත්තම මෙච්චර වාසි ගොඩක් - මේවා දන්නවා නම් හැමවෙලාවෙම ආදරේ කරයි[PHOTOS]
ලොව පුරා විවිධ රටවල් බොහෝමයක මිනිස්සු, ආදරය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස සිප ගැනීම සිදු කරයි.
ඒ අනුව මවක් තමන්ගේ කුඩා දරුවාගේ මුහුණ සිප ගන්නේත්, තරුණයෙක් තම පෙම්වතියගේ දෙතොල් සිප ගන්නේත් මේ කියන ආදරය විදහා දැක්වීමටයි.
තවකෙකු කෙරෙහි ඇති ආදරය පෙන්වීමට සිදු කරන මෙවැනි සිප ගැනීමකින් සෞඛ්‍ය වාසි රැසක් අත්වන බව නම් සිප ගන්න ගොඩක් අය දන්නේ නැහැ.
ඒ නිසාම අපි හිතුවා මේ ලිපියෙන් සිප ගැනීමක ඇති සෞඛ්‍ය වාසි ගැන ඔබව දැනුවත් කිරීමට.
ඒ අනුව,
1. එක් සිප ගැනීමකදී මුහුණේ මාංශ පේෂීන් 30 කට වඩා ක්‍රියාකාරී වෙනවා
මේ හේතුවෙන් රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිපගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.

2. විනාඩි දෙකක සිපගැනීමක් කැලරි 6 ක් දහනය කරනවා
කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිපගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත් වීම පාලනය කරනවා.
3. නින්ද පිළිබද ගැටළු තියෙන කාන්තාවන්ට සහනයක් ගෙන දෙනවා
සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසුතාවයන්ට සහනය ලබා දෙනවා.

4. ඔබ ජිවත් වෙන කාලය වැඩි කරනවා
නිරෝගිව වැඩි කාලයක් ජිවත් වීමට සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා. ඒ නිසා තමයි කියන්නේ සිපගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.
5. උදෑසන සිදුකරන විනාඩි 2 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තියෙනවා
උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතු සඳහා බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න.

කවුද හිතුවේ ආදරේ පෙන්නන්න දෙන පුංචි සිපුමකින් මෙච්චර සෞඛ්‍ය වාසි ගොඩක් අත් කරගන්න පුළුවන් කියලා.