කාන්තාවන්ගෙන් උදව් ලැබෙන්නේ මේ අයටයි ... ඔබටත් චාන්ස් එකක් තියේද මෙතනින් බලන්න

Horoscope Lagna Wasana Lagna Palapala
By Gagana News Mar 01, 2025 11:30 PM GMT
Gagana News

Gagana News

Report

මේෂ - තරග විභාග ආදියෙන් ජය -

මෙය අතමිට මුදල් අඩුපාඩුකම් ඇති නොවන සතියක් වන අතර කලකින් නොදූටු හිතවතකු හමුවීමට මග සැලසේ. හදිසි දේපල ගනුදෙනුවක් සිදුවිය හැකි කාලයකි. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමිවෙයි. දරුවන් ඇති අයදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි.

වෘෂභ - හදිසි ගනුදෙනුවකින් අවාසි

'හදිසි ගනුදෙනුවකින් අවාසි කීපයක් සිදුවන සතියක් වන අතර නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන්නටත් හේතු යෙදෙන සතියක්. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. එසේම මෙය ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට හැකිවන සතියක්. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් මෙම සතියේදී ලැබීමේ වාසනාව ඇත.

මිථුන - ලැබීම් අතින් යහපත් සතියක්

මෙම සතියේ මුල්දින තුන ඔබට ලැබීම් අතින් යහපත් වෙයි. මේ සතිය ආරම්භය සුබදායක වෙයි. මෙතෙක් පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මග සැලසෙන සතියකි. හදිසි විවාහ යෝජනාවක් සිදුකරන කාලයක් වන අතර ඔබ ඇසුරු කරන අයගේ පැසසුමට ද ලක් වන බවක් පෙන්නුම් කරයි. ලේ විෂ වීමක් හෝ ඇගේ පලු දැමීමක් හේතුවෙන ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. එමෙන්ම ගනුදෙනු කටයුතු හේතුවෙන් ද සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියකි.

කටක - අමතර ලැබිම් ඇති සතියක්

මනස සසලවන සිතිවිලි ඇති කරමින් සතිය අවසන් වන අතර නිතර විවේකය අඩුවන සතියක් ද වනු ඇත. එමෙන්ම මෙය ඇසුරු කරන්නන් සමගත් බහින් බස්වීමක් ඇති කරගන්නා සතියකි. නිවසට හෝ තමාගේ ව්‍යාපාරිකස්ථානයට යන එන අය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුබවක් පෙනේ. අමතර ලැබිම්වලට ඉඩ ඇති සතියක් ද වන අතර හිමිවන්නට තිබූ මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය අග දින තුන ආහාර විෂවීමක් හෝ සමේ ආබාධයක් ඇති විය හැකි බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතුයි.

සිංහ - ගමන් බිමන් සැලකිල්ලෙන්

ගෙදර දොර පවුලට මෙන්ම තමාගේ ආදායම් මාර්ග කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු සතියක් වන අතර වරෙක හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇතිකරයි. රහස් සතරු කේලම් මත හිතවතකුගේ දුරස්වීමක් ද සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී උදරාබාධ සෙම් ආසාධනයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු සතියකි.

කන්‍යා - උරුම හිමිකම් ලාභ

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වන අතර අමතර ආදායම් මාර්ග හිමි වුවත් ඒවා එතරම් දුරට පාලනය නොවන බවක් පෙන්නුම් කරයි. ගෙදර දොර කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. උරුමයක් වෙනුවෙන් පැවැති නීතිමය ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි. නිවාස ලාභ හිමිකම් ඇති අයට මෙය සුබදායක සතියකි.

තුලා - විරුද්ධ ලිංගිකයන්ගෙන් විශේෂ උදව්

පැවති අවිවේකීබව පහව යන සතියක් වන අතර පවුලේ වගකීම් කීපයක් තමා පිට පැවරෙන යමක් සිදු වේ. ගත සිත වෙහෙසා කරන කටයුතු ද අධික කරයි. ඔබ හවුල් ව්‍යායාපාරයක් අපේක්ෂාවෙන් සිටින අයකු නම් ඊට අයත් හදිසි වැඩකටයුත්තකට මග සැලසෙන බවක් පෙන්නුම් කරයි. අලුත් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මග සැලසේ. සතිය මැද කාලය වන විටදී වරින් වර ඇති කරන සෙම් ආසාධයක් හේතුවෙන් පීඩා විඳින්නටත් සිදුවෙයි.

වෘශ්චික - චිත්ත සන්තාප

මග හැරී යයි පසුගිය දිනවල පැවැති චිත්ත සන්තාප මග හැරී යමින් සතිය ආරම්භ වන අතර වෙනදාට වඩා ගතට සිතට සැපත සතුට ගෙනදෙයි. රැකියාවට අමතර ආදායම් මාර්ග හිමිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සති අන්තයේදී අඹුසැමි මතභේදකාරීබවක් මග හැරී යන ලකුණු පෙන්නුම් කරයි. මෙම සතියේදී මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර ඔබ කැපී පෙනෙයි. එසේම මෙම සතිය තුළ අනුන්ට යටත් නැතිව තම තනි මතයටම ක්‍රියා කරන්නට සිතෙයි.

ධනු - අතමිට සරුවෙන සතියක්

නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවනබවක් පෙන්නුම් කරන සතියක්. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරුවෙන සතියකි. සමාජයේ සැලකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. විශේෂයෙන්ම තමාට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම අතහිතදීම් ලැබේ. ඔබට යහපත් ප්‍රතිඵල ප්‍රධානය කරයි. ජංගම රැකියාවල ව්‍යාපාරවල නියුතු අයට බොහෝ ප්‍රතිඵල ලැබේ. දක්ෂතා මතු වේ, ඉගෙනීමෙන් පලප්‍රයෝජන අත්පත්වීමක් ගොඩනැගෙන පසුබිමක් සැකසේ.

මකර - රැකියාවෙන් ප්‍රචලිත වෙයි

නිතර ඇවිදිලි ඇති කරන සතියක් වන්නේ නමුදු පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් සිතේ සන්තාපය පහව යයි. එසේම මෙය මෙතෙක් අමනාපයෙන් සිටි කෙනෙකු සමඟ මිත්‍ර වීමට අවස්ථාව සැලසෙන සතියකි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමුවීමෙන් ඔබේ මතු දියුණුවට වැඩ සැකසේ. මෙය ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැලසෙන සතියක්.

කුම්භ - අලුත් කටයුතු කීපයකට අත ගසයි

අලුත් කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන අතර රැකියාවට අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමටත් ඔබට මෙහිදී අවස්ථාව යෙදෙන සතියක් වන අතර එමෙන්ම අලුත් රැකියා ලාභ පෙන්නුම් කරන සතියකි. නිතර පදිංචි ස්ථානයෙන් පිට කටයුතු කීපයකට සම්බන්ධවීමට කටයුතු යෙදෙන සතියකි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ.

මීන - සැලසුමක් ක්‍රියාවට නංවයි

විශේෂ සැලසුමක් ක්‍රියාවට නන්වාලීම වෙනුවෙන් සතියේ වැඩි කාලයක් ගත වුවත් නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවනබවක් ද පෙන්නුම් කරයි. කරන කියන කටයුතුවලට හිතවත් අයගෙන් උදව් උපකාර හිමිවෙයි. සහෝදර පක්ෂය සමග ඇතිවන ගැටලුවක් සමතයකට පත් කර ගැනීමට හැකිවන අන්දමේ වැඩපිළිවෙලක් සැකසෙයි. විදෙස් හිමිකම්වලට ඉඩ ඇති සතියක්. සති අන්තය වන විට දී රැකියාවේ හා ගනුදෙනු කෙරෙන් ද ගැටලු සහගතබවක් මතුවීමෙන් මානසික අසහනකාරීබවක් ඇති කරයි.

ReeCha