මම රූගතකිරීම් කරලා එළියට එද්දී මට කසාදෙකුත් හරි ගියා-ජනප්‍රිය සුරූපී නිලි හර්ෂි අංජුමාලා (PHOTOS)

ACCTRESS ANJYUMALA
By Sithumi Jan 01, 2022 05:56 PM GMT
Sithumi

Sithumi

Report

පුංචි කාලෙම රියැලිටි වැඩසහටනකට සම්බන්ධ වෙලා ඉන් කාලෙකට පස්සේ රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයට එකතුවුණු අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා කියලා කියන්නේ. රංගන ශිල්පිනියක් පමණක් නෙමෙයි ඇය මේ වෙද්දී නිවේදිකාවක් විදිහටත් වැඩ කටයුතු සිදුකරගෙන යනවා. ඉතින් ඒ වගේම සිඳූ ටෙලිනාට්‍ය ඔස්සේ බොහෝ දෙනකු රංගන ශිල්පිණියක් ලෙසින් හඳුනාගත් හර්ෂි නොබෝ දිනකින් තිරගත වීමට නියමිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා අධ්‍යක්ෂණය කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ සහෝ සිනමාපටය ඔස්සේද ඔබට දැකගන්න හැකිවේවි.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි මමයි. මගේ තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්. අපි ඉන්නේ රත්නපුරේ. මගේ කලා කටයුතු නිසා මායි, අම්මයි ඉන්නේ කොළඹ. ඒත් එක්කම මුලින්ම මේ ලැබුවා වූ 2022 අවුරුද්ද නිරෝගිමත්, සුබම සුබ වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ අලුත් නිර්මාණ කිහිපයකටම දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා

. ගෙවුණ 2021 අවුරුද්ද අපි ගොඩක් පරිස්සමින්, වැඩිපුරම ගෙදර අයත් එක්ක ගෙදරට වෙලා ගත කරන්න සිද්ධ වුණා. ඒ නිසා ගෙදර අයත් එක්ක වැඩි කාලයක් ගතකරපු අවුරුද්දත් විදිහට මම සලකනවා. ඉතින් අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු කිහිපයක් එක්කම තමයි අලුත් අවුරුද්ද මම පිළිගන්නේ. ඇත්තටම මම විවාහවෙලා ඕස්ට්‍රේලියාවට යන්නයි හිටියේ. නමුත් කොවිඩ් නිසා විවාහවෙන්න අපිට බැරිවුණා. ඒ නිසා මේ අවුරුද්දෙත් ඒ බලාපොරොත්තුව තියෙනවා. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා ගිය අවුරුද්දේ එයාට ලංකාවට එන්න ලැබුණේ නැහැ.

එයාව මට විවාහ යෝජනාවක් මාර්ගයෙන් තමයි මුණගැහුණේ. මම රඟපෑ ‘නොමැකෙන මතක’ කියන නාට්‍යයේදී රූගත කිරීම් කරපු ගෙදර අයිති මෙයාගේ ආච්චිටයි. රූගත කිරීම් කරන අතරතුරේ ඒ ආන්ටි අපේ අම්මා එක්ක කතා කරමින් ඉඳිද්දී තමයි මේ විවාහ යෝජනාව කරලා තිබුණේ. මම රෑගත කිරීම්කරලා එළියට එද්දී මට විවාහ යෝජනාවකුත් ඇවිත් තිබුණා. ඒ වෙද්දිත් එයා හිටියේ ඕස්ට්‍රේලියාවේ. එයා මාව බලන්න ලංකාවට ආවා. දැන් අපි මුණගැහිලා අවුරුදු දෙකකටත් වැඩියි. නොමැකෙන මතක මට අපූරු මතකයක් ලබලා දුන්නා.

ඉතින් ඒ වගේම පුංචි කාලේ මම ජපානයට යන්න ලොකු හීනයක් තිබුණා. ඒක හීනයකටත් වඩා ලොකු පිස්සුවක්. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන් භාෂා ඉගෙන ගත්තා. ජපන් භාෂාව පවා ඉගෙන ගත්තා. ඔය අතරේ ලිට්ල් ස්ටාර් තරගයටත් මම ඉදිරිපත් වුණා. එතකොට මගේ වයස අවුරුදු එකොළහයි. ඒ හරහා මට මාධ්‍ය එක්කත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි මට රංගන ශිල්පිනියක් වීමේ හීනයක් තිබුණේ නැහැ.

මේක ඇත්තටම අහම්බයක්. හැබැයි නර්තන ශිලිපිනියක් තුළ යම් තරමින් හෝ රංගන ශිල්පිනියක් ඉන්නවා. පුංචි කාලේ ඉඳන්ම ඒ නර්තනය හරියට හැදෑරු නිසා ඒ රංගන ශිල්පිනියට හොඳ විදිහට එළියට ගන්න මට අවස්ථාව ලැබුණා කියලයි මට හිතෙන්නේ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන උපාධිය අවසන් කළා. ඒ වසර හතරක උපාධියක්. ඒ නිසා ඕස්ට්‍රේලියාවට ගිහින් පශ්චාත් උපාධිය හදාරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විවාහයයි, උසස් අධ්‍යාපනයයි මෙරටින් පිට තමයි තියෙන්නේ. ඉතින් ඔය දෙකම එකට වෙනවා නම් මම ආසයි.

ඇත්තටම මගේ හැකියාව හඳුනන්නේ මගේ අම්මා. මගේ ජීවිතේ අද යම් හොඳ තැනක ඉන්නවා නම් රංගන ශිල්පිනියක් විදිහට පුංචි හෝ තැනක ඉන්නවා නම් ඒකේ ලොකුම හයිය මගේ අම්මයි. එයයි මට ශකිත්මත් අඩිතාලම දැම්මේ. අම්මා තමයි පුංචි කාලේ මාව හඳුනාගත්තේ. තරගවලට මාව රත්නපුරේ ඉඳන් කොළඹට එක්කගෙන එද්දී බොහෝ දෙනා අම්මට විවිධ කතා කිව්වා.

රත්නපුරේ ඉඳන් කොළඹට එන දවස්වලට අම්මා පාන්දර තුනට නැගිටලා බත් උයලා, බත් එකකුත් බැඳගෙන බස්වල මාව අරගෙන ආවා. බොහෝදෙනා බොහෝ කතා කිව්වා. අපිට ඒ කාලේ හිත රිදුණු තැන් බොහෝයි. හැබැයි අම්මා මට ලොකු හයියක් වුණා. ඒ කාලේ සමහර දේවල් මගේ පුංචි හිතට දරාගන්න බැරිවුණා. මම අසනීප වුණා. හැබැයි ඒ හැම වෙලාවෙම මගේ අම්මා මාත් එක්ක හිටියා. අපිට සමහර අය නොකියපු කතා නැති තරම්.

ළමයාට උගන්වන්නේ නැතිව ළමයා ඉස්සර කරගෙන නටවන්න ගෙනියනවා කියලා කිව්වා. හැබැයි අද මම අම්මා නිසා ජීවිතේ ජයගෙන ඉවරයි. අම්මා මාව හඳුනාගෙන එයාගේ මුළු ජීවිතේම මම වෙනුවෙන් කැප කළා. අදටත් එහෙමමයි. රත්නපුරේ ගෙවල් තිබුණට මගේ වැඩවලට පහසු නිසා අම්මා මාත් එක්ක කොළඹ ඉන්නවා.

මම තුන වසරේ ඉඳන් රූපවාහිනියේ ගීතයක් ප්‍රචාරය වුණත් නටනවලු. ඒ හැකියාව අම්මා හඳුනාගත්ත නිසා පුංචි කාලේම අම්මා මාව නර්තන පන්තිවලට අරගෙන ගිහින් තිබුණා. මගේ ජීවිතේ ලොකුම සහයෝගය ලැබුණේ මගේ ගෙදරින්. ඉතින් අද ජීවිතේ ගැන මට තියෙන්නේ ලොකු සතුටක් කියලයි මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
Join Now

GalleryGallery
ReeCha