භාණ්ඩාගාරය පිරී ඉතිරිලා ගියා කියපු හර්ෂම මෙවර අයවැයට විරුද්ධව කට අරියි - කිසි පිළිවෙලක් නෑ කියයි

Report

පසුගියදා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හර්ෂ ද සිල්වා මහතා කාලෙකට පස්සේ රජයේ භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇති බවට ප්‍රකාශයක් සිදු කළේය.

ඒ අනුව ඔහු ආණ්ඩුවේ එම වැඩපිළිවෙළ අගය කළ යුතු බවට අදහස් දක්වා තිබුණු. නමුත් එලෙස අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ සාර්ව ආර්ථිකය ස්ථාවර කරද ඊළඟ වර්ධනයත් පත් කර ගැනීමට රජයේ කිසිම වැඩපිළිවෙලක් නැතැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

''පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අය වැයක් '' ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති කියයි

''පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අය වැයක් '' ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති කියයි

ඒ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා සඳහන් කළේ පහත ආකාරය ප්‍රකාශයකි.ජන­ප­තිගේ දූෂණ විරෝධි වැඩ­පි­ළි­වෙළ අපි අගය කර­නවා.හොරු අල්ලයි කියා අපේක්ෂා තිබෙ­නවා.නමුත් මේක දඩ­ය­මක් විය යුතු නැහැ. මේ වන විට ඩබල් කැබ් 1775ක් මිලට ගන්න යනවා.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

මන්ත්‍රී­ව­රුන්ට මේ වාහන දෙනවා කිය­නවා. නමුත් ටෙන්ඩ­ර­යක් වහන්න කලින් දින 42 ක් දිය­යුතු වුවත් දින 12ක් පම­ණයි දී තිබෙන්නේ. රුපි­යල් ට්‍රිලි­යන 6ක් පසු­ගිය කාලයේ සොර­කම් කර තිබෙන බවට ඇතැ­මුන් පව­ස­නවා. අපට වත්කම් තිබෙන්නේ ට්‍රිලි­යන දෙකක් පම­ණයි කිව්වා.

නමුත් ට්‍රිලි­යන 8ක් පමණ ණය තිබෙ­නවා කිය­නවා. පසු­ගිය කාලයේ රජ­යට ආර්ථි­කය ස්ථාවර කරන්න නොහැකි වුණා. සිය­යට 70ට තිබුණු උද්ධ­ම­නය සෘණ අග­යක් දක්වා පහළ වැටී තිබෙ­නවා. නමුත් ජනා­ධි­පති එහි වාසිය ගන්න උත්සාහ කළා. ඒ තත්ත්ව­යට ගේන්න කට­යුතු කළ අය අගය කළ­යුතු වෙනවා.

පාඩු ලබ­මින් තිබුණු රාජ්‍ය ආය­තන ලාභ ලබන තත්ත්ව­යට පැමිණ තිබෙ­නවා. 2022 වසරේ විදු­ලි­බල මණ්ඩ­ලය බිලි­යන 298ක් පාඩු වී තිබෙ­නවා. මේවාට මූලික හේතුව යම් යම් විරෝ­ධතා බලපා තිබෙ­නවා. එදා ආණ්ඩුව කකු­ලෙන් ඇද්දේ නැහැ. නමුත් එදා විප­ක්ෂයේ සිටි මේ ආණ්ඩුව කීවේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට යන්න එපා කිය­ලයි.

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ යන එක හැරෙන්න වෙන වික­ල්ප­යක් තිබුණේ නැහැ. නමුත් අද ආණ්ඩුව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ කට­යුතු කර­නවා.

නමුත් මේ ආණ්ඩු­වට තව­මත් කාල­යක් දෙන්න කියන තැන ජන­තාව ඉන්නවා. නමුත් ආණ්ඩුවේ වෙනස කුමක්ද ? අපි දකින විදි­යට කිසිම වෙන­සක් අය – වැයෙන් ඉදි­රි­පත් කළේ නැහැ. පසු­ගිය කාලයේ අය – වැය වගේ­මයි. කිසිම වෙන­සක් නැහැ.