හර්ශ සහ චම්පික එක්ව දුන් තීරානය..

By Sithumi Jul 14, 2023 05:54 PM GMT
Sithumi

Sithumi

Report

බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට සිය කාරක සභාව සූදානම් බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මේ අනුව ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය සදහා පියවර ගන්නා ලෙස ද ආදායම් බදු කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස් හපුආරච්චි මහතාට කාරක සභා සභාපතිවරයා දැනුම් දුන් අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක්වුණු අතර රජයේ ආදායම වැඩිකිරීම ඇතුළු සාධනීය පියවරයන් නිර්දේශ කිරීම සදහා වන ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අදාළ ආයතන පරිශ්‍රයන් වෙත ගොස් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම විමර්ශනය සිදු වුණා.