අගමැති හරිනි දිවයිනට
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, චීන සංචාරය නිමා කරමින් අද (15) අලුයම කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි තිබේ.
ඇය චීනයේ බීජිං හි පැවැත්වුණු "කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025" සඳහා සහභාගී වීමට 11 වනදා රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියාය.
සංචාරයේ දී, මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකටද ඇය සහභාගීවිය.
ඒ අනුව, අද අලුයම 4.45 ට, ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන්සේවාවට අයත් UL-881 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි බව වාර්තා වේ.