ජනපති පලා යයි රටේ පාලනය හමුදාව අතට උඩුයටිකුරු වූ රාජ්‍යය
මැඩගස්කරයේ හමුදා කර්නල්වරයෙකු නිවේදනය කර ඇත්තේ එරට ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනාට එරෙහිව පාර්ලිමේන්තුව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ අතර ඉන් අනතුරුව එරට හමුදාව රාජ්‍යයේ පාලනය සියතට ගත් බවයි.
හමුදා නිලධාරීන් රජයට විරෝධී උද්ඝෝෂණවලට එක්වීමෙන් පසු රටින් පලා ගිය එරට ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනාට එරෙහිව පාර්ලිමේන්තුව විශ්වාසභංගයක් සම්මත කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
“අපි බලය අත්පත් කරගෙන තිබෙනවා,” යනුවෙන් කර්නල් රැන්ඩ්‍රියානිරිනා පැවසූ අතර, හමුදාව විසින් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හැර අනෙකුත් සියලුම ආයතන විසුරුවා හැර ඇත.
මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් රැන්ඩ්‍රියානිරිනා මහතා සඳහන් කළේ, හමුදාව සහ ජාතික පොලිස් බලකාය නියෝජනය කරන නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් පිහිටුවීමට හමුදාව කටයුතු කරන බවයි.
සිවිල් ආණ්ඩුවක් “කඩිනමින්” පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයෙකු පත් කරන බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ බලතල අත්හිටුවා ඇති බවද කර්නල්වරයා ප්‍රකාශ කළේය.
වසර දෙකක් ඇතුළත ජනමත විචාරණයක් පවත්වන බවට තොරතුරු වාර්තා වේ.
තරුණ ප්රමුඛ රජයට එරෙහි විරෝධතා සති ගණනාවක් පුරා පැවති අතර, රාජොයිලිනා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට වැඩිවන ඉල්ලීම්වලට මුහුණ දීමට සිදු විය.