අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
පවතින අධ්‍යපන ක්‍රමය පිළිබඳ නොව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් නිර්මාණය වන අධ්‍යාපන පද්ධතිය පිළිබඳ සැලකිලිමත් වෙමින් සියලුම දරුවන්ට උපාධිය ලබා ගැනීම දක්වා යන මාර්ග සකස් විය යුතු බවත්, ඒ සඳහා අදාළ විෂයන් නිසි පරිදි ස්ථානගත විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ සමස්ත ලංකා හෙද සංගමයේ නිලධාරීන් සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (19) දින පැවති සාකච්ඡාවකදීයි.
එහිදී හෙද වෘත්තීය අධ්‍යාපනය ඩිප්ලෝමාවකට සීමා නොවී උපාධිය ලබා දීම දක්වා ගෙන යාම සහ ඒ සඳහා අවශ්‍ය උසස් අධ්‍යාපන පහසුකම් ඇති කිරීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා විය.
ඊයේ රනිල් රටටම කිව්ව අසුබ ආරංචියත් එක්ක IMF ගනුදෙනුවට ඉස්සරහට වෙන දේ - මහ බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්
ඒ අනුව පත් කරන ලද කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාදීම පිළිබඳව සහ හෙද උපාධිය ලබා දිම සඳහා වන අධ්‍යාපන මාර්ග සිතියම සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ,
“ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන මාර්ග දෙකෙන්ම දරුවන්ට තමන් උපාධිය ලබා ගන්න සහ වෘත්තියකට පිවිසෙන්න ක්‍රමවේද සකස් වෙනවා. මේ මාර්ග දෙක දෙකක් බව අපි අවබෝධ කර ගත යුතුයි. ඒ වගේම එහි අරමුණුත් වෙනස්. කෙසේ වෙතත් හෙද උපාධිය ලබා දීම තුළ සෞඛ්‍ය පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය වගේම හෙද සේවාවේ ගුණාත්මකභාවය ද සංවර්ධනය වන පරිදි අවශ්‍ය කටයුතු සිදු විය යුතුයි. ” යනුවෙන්.
ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තිය අධ්‍යාපනය ඔස්සේ සෞඛ්‍ය කෂේත්‍රයේ අනෙකුත් වෘත්තීන් වන සාත්තු සේවක, වැඩිහිටි සුරැකුම් සේවා වැනි වෘත්තීන් සඳහාද උසස් අධ්‍යාපනය දක්වා හැදැරීමට හැකි වන ලෙස අධ්‍යාපන ක්‍රමවේදය සකස් විය යුතු බව ද අගමැතිනිය ප්‍රකාශ කළා.
එසේම මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති රවින්ද්‍ර කහඳවආරච්චි, ලේකම් එස්.බී. මැදිවත්ත යන මහත්වරුන් සහ සංගමයේ විධායක සභිකයන් පිරිසක් එක් ව සිටියා.