ඊයේ රනිල් රටටම කිව්ව අසුබ ආරංචියත් එක්ක IMF ගනුදෙනුවට ඉස්සරහට වෙන දේ - මහ බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ක්‍රියාත්මක සිව් අවුරුදු වැඩසටහන 2027 වසරේ දෙවන භාගය වනවිට සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
එසේම ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉහළ ගොස් ඇති පසුබිමක වුවද, IMF වැඩසටහන යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි බවට විශ්වාසයක් පවතින බව ඔහු පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ Bloomberg Television හි The Asia Trade වැඩසටහන සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි. එහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, IMF වැඩසටහනේ මීළඟ සමාලෝචනය මේ වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.
තව යුද්ධයක් එනවා.. මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි - ලංකාවම තැති ගන්වමින් රටේ ආර්ථිකය ගැන රනිල් ගෙනාව අසුබ ආරංචිය
එමෙන්ම එම සමාලෝචනයද සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, ලබන වසරේ දෙවන භාගය වනවිට සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම් (EFF) වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බව ඔහු පෙන්වා දී ඇත.
මෙරට සම්බන්ධයෙන් IMF විධායක මණ්ඩලය ඉකුත් මැයි මාසයේදී පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සම්පූර්ණ කළ අතර, ඒ යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695කට ආසන්න මුදලක් ලබාගැනීමට අවස්ථාව හිමි විය.
එබැවින් IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න වෙයි.
ඉකුත් 2022 වසරේ ඇති වූ දැඩි ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට IMF වැඩසටහන ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇත.
එහිදී රාජ්‍ය මූල්‍ය, මුදල් ප්‍රතිපත්ති, පාලන ක්‍රමවේද සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය.
කෙසේ වෙතත් ගෝලීය ආර්ථික පරිසරයේ පවතින අභියෝග මෙන්ම ආර්ථිකයට එල්ල වූ විවිධ බාහිර හා දේශීය බලපෑම් මධ්‍යයේ වුවද, IMF වැඩසටහනේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සැලසුම් කළ ආකාරයට සිදුවන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත.
ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්