අගමැති හරිනි දිවයිනෙන් පිටව ගිහින් - හේතුව මෙන්න
එංගලන්තයේ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව අග්‍රමාත්‍යවරිය සමඟ තවත් දෙදෙනෙකු දූත පිරිස වශයෙන් ගමනට එක්වී සිටි බව වාර්තා වේ.
ඔවුන් අද පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
එසේම ඔවුන් සිය චාරිකාව නිම කර ලබන 23 වැනි දින නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව සඳහන්.



